අයියා සහ නංගී සැඩ ජල පහරකට හසුවූ අවසනාවන්ත සිදුවීම..

By Sithumi Mar 23, 2023 04:57 PM GMT
Report

කුඩා දිය පහරකින් එගොඩවීමට ගිය එකම පවුලේ දරුවන් දෙදෙනෙක් දියේ ගසාගෙන ගොස් තිබෙනවා.

අද (23) සවස ඇතිවූ අධික වර්ෂාවත් සමග ගලාආ සැඩ පහරකට හසුවීමේදියි එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

හාලිඇළ පොලිස් වසමට අයත් බෝගොඩ ගම්මානයේ පදිංචි එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණදී තිබුණේ, බෝගොඩ - හළාඹ මාර්ගය හරහා ගලායන දිය පහරකදීයි.

10 හැවිරිදි යසිදු උමේස් සත්සර (අයියා) සහ 08 හැවිරිදි දස්මි නදීකා (නංගි) මෙම අනතුරට මුහුණදී තිබුණේ‍ කුලීවැඩ සඳහා නිවසින් පිටවගිය අම්මා නැවත නිවසට පැමිණිම පමාවු නිසා ඇය පිළිබඳ සොයාබැලීම සඳහා ගිය අවස්ථාවේදී. සැඩ ජල පහරට ගසාගෙන ගිය දරුවන් සොයා පොලීසිය ගම්වාසීන් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.