සේවිකාවන් බිය ගන්වා උකස් මධ්‍යස්ථානයක් කොල්ල කයි..

By Sithumi Mar 14, 2023 02:33 PM GMT
Report

බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් කොල්ලකා තිබෙනවා .  එහි සිටි සේවිකාවන් දෙදෙනකු බියගන්වා රුපියල් ලක්ෂ 30කට අධික රන් භාණ්ඩ තොගයක් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. 

 සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අතර අනෙක් සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි මෙම කොල්ලය පසුගිය මස 13 වනදා සිදුවී තිබුණු අතර එදින පෙරවරුවේ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොර විවෘත කිරීමට මෙහි සේවිකාවන් උත්සාහ කිරීමත් සමග සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු ඔවුන් දෙදෙනාගේ ආසන්නයට පැමිණ තිබෙනවා.

පසුව සේවිකාවන් ලවා බලහත්කාරයෙන් දොරටු විවෘත කරගන්නා කොල්ලකරුවන්, රත්‍රං භාණ්ඩ ගබඩා කර ඇති සේප්පුවේ යතුර ඉල්ලා සේවිකාවන්ට පහරදී තිබෙනවා

. විනාඩි 15කට අධික කාලයක් විටින්විට සේවිකාවන්ට පහරදෙන කොල්ලකරුවන් බලහත්කාරයෙන් ඇයගේ අත්බෑගයේ ඇති යතුර රැගෙන සේප්පුව ඇති දොරටුව විවෘත කරගන්නා අතර සේප්පුව විවෘත කරන තුරු ඇයට පහරදී තිබුණි.

විනාඩි 20කට පමණ පසු ගණුදෙනු කිරීම සඳහා කාන්තාවක් එම ස්ථානයට පැමිණෙන අතර කොල්ලකරුවන් එම කාන්තාවද මධ්‍යස්ථානය තුළ රඳවා තබාගෙන තිබුණි. සේප්පුව විවෘත කරගන්නා කොල්ලකරුවන් එහි තිබූ ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් රන්භාණ්ඩ රැගෙන එම අවස්ථාවේදී පළාගොස් තිබුණා.

පසුව වහාම ක්‍රියාත්මක වූ සේවිකාවන් කොල්ලකරුවන් පැමිණි යතුරු පැදියේ අංකය සටහන් කරගෙන තිබෙනව. , සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු තලංගම ප්‍රදේශයේදී පසුගිය දිනක අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසිය සඳහන් කළේ.