ආදරවන්තයින්ගේ දින සරසවි ගැටුමට රජයත් මැදිහත් වෙලා..? ශිෂ්‍ය සංගමයෙන් හෙළිදරව්වක් .

University of Sri Jayawardenapura Sri Lanka
By Sithumi Feb 18, 2023 01:38 PM GMT
Report

 ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමට ආණ්ඩුවේ මැදිහත්වීමක් ඇතැයි සැක මතුවන බව එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ මෙම ගැටුම කිසිසේත් අනුමත නොකරන බවයි.

පසුගිය 15 වැනි දා, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයකදී ගැටුමක් හට ගෙන තිබුනා. කළමනාකරණ පීඨයේ සහ කලා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර බහින්බස්වීමක් දුර දිග යාමෙන් ගැටුම ඇතිවූ බවටත් තොරතුරු වාර්තා වුණා. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවසුවේ මෙම ගැටුම ඇතිවීමට ආණ්ඩුවේ මැදිහත්වීමක් තිබේදැයි සැක මතු වන බවයි.

මේ අතර නවක වද සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වැනිදා සිට වසා දැමුණු හෝමාගම - පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වනදා යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙන බව එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන් පවසනවා.

කෙසේ වෙතත් අධ්‍යයන කටයුතු සඳහා පළමුව කැඳවන්නේ පළමු වසර සිසුන් පමණක් බවයි උන්වහන්සේ සඳහන් කළේ. එවන් පසුබිමක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් බෞද්ධ හා පාලි විශ්විවද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවසුවේ සියලු වසරවල සිසුන් සඳහා විශ්වවිද්‍යාලය විවෘත කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 2020/2021 අධ්‍යයන වසරවල සිසුන් හැර අනෙකුත් සියලු සිසුන් සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ තීරණය කළා. විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පසුගියදා නේවාසිකාගාරයකට ඇතුළු වී පළමු වසරේ සිසුන්ට පහරදී ඇත්තේ කොණ්ඩා කපා නොමැති බව පවසමින්.

එවන් පසුබිමක කිසිදු සාධාාරණ හේතුවක් නොමැතිව විශ්වවිද්‍යාලය වසා දමා ඇති බව පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපට විරෝධතාවක නිරත වුණා.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now