ජනතාවගේ ආහාර වේල් ගැන මෙන්න අලුතෙන්ම ආපු සමීක්ෂණ වාර්ථාව..
මෙරට ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණා පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසය තුළ සිදුකළ සමීක්ෂණ වාර්තාව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ජනගහණයෙන් 35%ක් තමන් ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩුකර ඇති බව එහි සඳහන් වනවා.
එමෙන්ම ජනගහණයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව වාර්තාවේ දැක්වෙනවා ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර තිබෙනවා. ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌව පළාතෙන් වන අතර එය 43%ක්. අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%ක්.
වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 34%ක් හා නාගරික පවුල්වලින් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බවද වාර්තාවේ සඳහන් වනවා. සෙසු පළාත් ගත්විට සබරගමුව 38%ක්, මධ්‍යම 34%ක්, නැගෙනහිර 33%ක්, බස්නාහිර 33%ක්, දකුණ 31%ක්, වයඹ 30%ක්, උතුරු මැද 29%ක් වශයෙන් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා ඇති අයුරු වාර්තා වී තිබෙනවා.
මේ අතර ජනතාව වැඩි වශයෙන් ආහාරයට ගන්නා පාන් රාත්තල නියමිත බරට අනුව නිෂ්පාදනය නොකරන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය චෝදනා කළා.
භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදී නොමැති බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ.