වන අලි ප්‍රහාරයකින් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවත..
By Sithumi
සති 2 කට පෙර
අනුරාධපුර තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ගම්මානයට පැමිණි වන අලියකු සිදු කළ පහරදීමකින් 62 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (22) අලුයම 3.30 ට පමණ ගෙවත්තට පැමිණි වන අලියකු මෙලෙස නිවසේ පිටු පස දොර අසලදීම මෙම පුද්ගලයාට පහරදී ඇති අතර, වන අලියා සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී තිබෙනවා.
“ගම්මානයට නිරන්තරයෙන් වන අලි පැමිණෙන අතර ගම හැම තැනම හරක් වගේ ඇවිදිනවා, අපිට වවන්න කිව්වට අපි කොහොම වවන්නද, අපේ ජීවිත නැති වෙන එක විතරයි වෙන්නේ.
අපි අලි නිසා ගොවිතැන් අතෑරලා ඉන්නේ” ගම්වාසීන් සඳහන් කළා.