අවුරුදු 5ක් එක දිගට එකම චරිතේ රඟපාලා මට එපා වුණා, ඒකයි දෙවෙනි ඉනිමෙන් අයින් වුනේ-ශලිනි ප්‍රනාන්දු (PHOTOS)
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය චූටි මැණිකෙගේ චරිතය හරහා වසර ගණනාවක් පුරාවට ප්‍රේක්ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් මේ දිනවල ඇය දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතයෙන් ඉවත් වුනු බවට සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වෙනවා.
ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඇය දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිණි කියන චරිතයෙන් ඉවත් වුණා කියලයි ශලිනි කියන්නේ. මොකද අවුරුදු 5ක් ඇය දෙවෙනි ඉනිමත් එක්ක හිටියාට දෙවෙනි ඉනිමෙන් ඉවත් වෙනවා කියන තීරණය ඇය සෑහෙන කාලයක ඉඳලා අරගෙන තිබුණ තීරණයක් කියලත් ඇය කියනවා.
ඉතින් අවුරුදු 5ක් එකම චර්තයේ ඉන්න කොට අය ඒ චරිතයට කොටුවෙලා වගේ හැඟීමක් ආවා කියලයි ඇය නම් කියන්නේ. ඒ නිසා ඇය ආසයිලු දැන් ඇක්ටින්වලින් වෙනස් වෙනස් චරිත කරන්න. කොහොම නමුත් දෙවෙනි ඉනිම කණ්ඩායම එක්ක කිසිම අමනාපයක් වෙලා නෙමෙයිලු ඇය ඉවත් වුණේ. ඉතින් චූටි මැණිකෙගේ චරිතයෙන් ඉවත් වීම ඇයගේ ජීවිතේ ඉදිරිය ගැන හිතලා ගත්ත තීරණයක් කියලයි ඇය කියන්නේ.
ඒ වගේම දෙවෙනි ඉනිම ඇයගේ පළමු ටෙලිනාට්‍ය කියලත් ඇය කියනවා. නමුත් ඇය ලොක්කි 2 ටෙලිනාට්‍ය හරහා ළඟදීම ප්‍රේක්ෂකයින් හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාලු. කොහොම නමුත් ඇය දෙවෙනි ඉනිමෙන් ඉවත් වුණත් තාමත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලැඛෙනවාලු. ඉතින් දෙවෙනි ඉනිම දිහා බලනකොට මෙච්චර ප්‍රේක්ෂක ආදරයක් ලබන්න ඇත්තටම පිංකරලා තියෙන්න ඕන කියලා හිතෙනවා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම චූටි මැණිකෙට දුන්න ආදරේ තුරුලු කරන් ඇය චූටි මැණිකෙට සමුදුන්නේ ප්‍රේක්ෂකයන් අතරට වෙනස් විදිහකට එන්න වගේම ඉදිරියට වෙනත් නාලිකා එක්ක වැඩ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.










