බංග්ලාදේශයේ බලාපොරොත්තු බිඳ දමා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කිරුළ දිනා ගනී

Sri Lanka Cricket Bangladesh Cricket Team Sports Latest Headlines Sinhala news
By R.rishma Oct 16, 2026 10:14 AM GMT
Report

පාකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (16) තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ෆයිසලාබාද් නුවරදී පැවති මෙම තීරණාත්මක තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 158ක ඉලක්කයක් ලබා දුන්නේය.

ජයග්‍රාහී ඉලක්කය වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 20 නිමවී කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.

ඒ අනුව, තරගය පුරා තියුණු මුහුණුවරක් ගත් මෙම සටනේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ශූරතාව තමන් සතු කර ගත්හ.