අද රට පුරා ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Weather
By Aruna Apr 13, 2023 11:38 PM GMT
Report

ප්‍රදේශ රැසක අද (14) උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අවධරණය කර ඇත්තේ.

තවදුරටත් විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඩු පෙරලීම් සිදුවිය හැකි බවද අනතුරු අඟවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now