හෙට මේ තීරණය ගනියි?.. ගත්තොත් කුමක් වෙයි?..අවධානයෙන් සිටින්න.
ඩොලර් හිඟයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.
එම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද කැඳවා තිබෙනවා.
නොවැම්බර් 30 වැනිදා වනවිට මෙරට විදෙස් මුදල් සංචිතය පවතින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 1009.5ක් ලෙසයි.
එම පසුබිම තුළ ආනයන වියදම් පියවා ගැනීම සහ ණය ගෙවීම පත්ව ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකටයි.
ඒ අනුව විදෙස් මුදල් හිඟය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සහය ලබාගැනීම පිළිබඳව මේවන විට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරිමටද නියමිතයි.
ඒ අනුව එම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ද කැඳවා තිබෙනවා.
මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය පිළිතුරු කතාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |