අද 12.00 සිට නැවත දැනුම් දෙන තුරු නතර කරන දේ ගැන දැනුම් දීමක්..

Bandaranaike International Airport Sri Lanka
By Aruna Jul 12, 2022 01:43 AM GMT
Report

සේද මාවත (සිල්ක් රූට්) මඟී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් කිරීමට අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබෙනවා.

රට තුළ උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමිනු යි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ක්‍රියාත්මක වන මෙම සේද මාවත මඟී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණ කර ඇත්තේ.

ඒ අනුව අද මධ්‍යාහ්න 12.00 සිට නැවත දැනුම් දෙන තුරු සේද මාවතේ මඟී නිෂ්කාශන කටයුතු නැවතෙනු ඇති.

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරින්ගේ සංගමය මේ බව නිවේදනය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now