අවුරුද්දෙන් පස්සෙ නව අමාත්‍ය මණ්ඩලයක්..සන්ධානයක් 06කට කැඩී යයි..
නව අමාත්‍ය මණ්ඩලය අලුත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා පවසනවා.
එම කැබිනට් සංශෝධනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙදෙනෙකු, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවකුට අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇමතිධුර ලබාදෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව ද සඳහන්වේ.
මේ අතර මෑතක දී පිහිටුවන ලද නිදහස් ජනතා සන්ධානය තුල මේ වනවිට බරපතළ බෙදීම් වලට ලක්ව ඇති බව ද වාර්ථා වනවා.
එම තත්ත්වයන් මත මෙවර මැයි දිනය එම සන්ධානයේ කොටස් හයක් දක්වා වෙන්වී සැමරීමට තීරණය කර ඇත.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හෙළිකොප්ටරය ලකුණ යටතේ නිදහස් ජනතා සන්ධානය ලෙස මෙම නව සන්ධානයක් පිහිටුවා දැනට මාස තුනක්වත් ගත වී නැති තත්ත්වයක් තුළ මෙලෙස සිදුවීම විශේෂත්වයක්.
මේ වනවිටත් එම පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ හය තුළ ජාතික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්ති, ආර්ථිකය ප‍්‍රතිපත්තිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පෞද්ගලීකරණය සම්බන්ධයෙන් විවිධ මත වාද ඇතිවී තිබේ.
එම තත්ත්වය මත ඔවුන්ට මැයි දිනය එක්ව සැමරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවටයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව එම සන්ධානයේ පක්ෂ වෙනම වෙන වෙනම මැයි දින සැමරුම් පැවැත්වීමට සූදානමින් සිටී.
මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම මැයි රැළිය මහනුවරදී පැවැත්වෙන බව ප්‍රකාශ කර ඇති අතර උත්තර ලංකා සභාගයේ මැයි රැලිය කොළඹදී පැවැත්වීමට සංවිධානය වෙමින් ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |