ඉදිරි පැය 48ටේ විශේෂ දෙයක් සිදු වෙන්න යයි..ප්‍රබලයෙකුගෙන් දැනුම් දීමක්..

Dilan Perera Sri Lanka Politician Sri Lanka
By Aruna Jan 09, 2023 10:57 PM GMT
Report

අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා.

ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

පළාත් පාලන මැතිවරණය විපක්ෂය අරගල කර ලබා ගත් එකක්.මැතිවරණය තියන්න අවශ්‍ය බවට බල කළේ විපක්ෂයයි.

ඒ සදහා විපක්ෂයේ පක්ෂ 23 ක් ඒකරාශී කරගෙන එකමුතුව හැදුවේ නිදහස ජනතා සභාවයි.

නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරාවිදැයි අපි සිතනවා.

නාමයෝජනා බාරදීමට දින කැදවා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමාටවත් කොමිසමටවත් පළාත් පාලන මැතිවරණය නොතබා යලි හැරෙන්න බැරි වේවි යැයි අපි සිතනවා.

නිදහස ජනතා සභාව ලෙස අපි සියලු ප්‍රගතිශීලී බලවේග හා පක්ෂ සමග සාකච්චා කළා.ඒ අනුව අලුත් ලකුණක් අලුත් සන්ධානයක් අලුත් පක්ෂයක් ලෙස එකතුවීමට අවශ්‍ය යැයි අපි සිතනවා.

ඊලග පැය 48 තුළදී ස්ථිර වශයෙන්ම අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරග කිරීමට ප්‍රතිපත්ති මාලාවක් වටා ගමේ පුංචි ආණ්ඩුව ප්‍රාදේශීය සභාව, නගර සභාව, ගමේ මහ නගර සභාව ජනතාවට වඩාම කිට්ටුව ආයතන තමයි එම ආයතන.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join now