පොලිසිය විසින් සියලුම ජනතාව වෙත විශේෂ නිවේදනයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 19, 2022 10:25 AM GMT
Report

මහජනයා බියවැද්දවිය හැකි, කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම් දෙයි.

එහි සදහන් වන්නේ කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කවර ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම සිදුනොකළ යුතු බවය.

එලෙස වැරදි කරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙන බවද පොලීසිය දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join