ජනතාවගේ ආරක්ෂාවට තවදුරටත් පොලිසිය සහ බුද්ධි නිලධාරීන් - රියදුරන්ටත් දැනුම්දීමක්..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උත්සව සමයෙන් පසු දින කිහිපයේ දී ද පොලිසිය සහ බුද්ධි නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ ය.
බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.
කෙසේවෙතත්, වාහන අධිවේගී මාර්ගයේ නවතා ආහාර ගැනීමෙන් වළකින ලෙස අධිවේගී මාර්ගවල ධාවනය කරන රථවාහන රියදුරන්ගෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා ඉල්ලීමක් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |