විශේෂ රථවාහන සැලැස්මක් ගැන පොලිසියෙන් පණිවිඩයක්.

Sri Lanka Police Kandy
By krishani Feb 18, 2023 08:04 AM GMT
Report

මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ සතර දේවාල කේන්ද්‍ර කරගනිමින් පවත්වන ජනරජ පෙරහර හේතුවෙන් හෙට (19) පස්වරු පහේ සිට පෙරහැර අවසන් වනතෙක් මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර ඇත.

ඒ 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව ය.

එය ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධාන කර ඇති අතර පෙරහැර හෙට පස්වරු 6 ආරම්භවීමට නියමිතයි.

පෙරහැර දළදා මාළිගාව අසළින් ආරම්භ වී දළදා වීථිය, යටිනුවර වීථිය, රජ වීථිය ඔස්සේ පැමිණ ගෙවදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join