ලැබෙන පඩිය මදි කියා කොස්තාපල්වරයෙක් සේවය හැර යයි.

Sri Lanka Police Sri Lanka
By krishani May 22, 2023 09:05 AM GMT
Report

පොලිස් සේවය හැර ගිය පොලිස් කොස්තාපල්වරයෙක්ගේ පුවතක් වාර්තා වේ. 

ඒ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් ය.

ඉන් ලැබෙන මුදල රාජකාරිය සඳහාවත් ප්‍රමාණවත් නොවන බව ඔහු සටහනක් ද තබා ඇත.

මෙසේ රැකියාව හැර ගොස් ඇත්තේ වසරක පමණ කාලයක් නුංගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තරුණයෙක් ය.

මේ අතර රැකියාව නිසා ඇති වූ අපහසුතා හමුවේ දැඩි ලෙස මානසික පීඩනයට ලක් වූ බව ඔහු තොරතුරු සටහන් පොතේ සටහන් කර තිබෙනවා.

මොහු කිසිවෙකුටත් නොදන්නවා රාජකාරී ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට විරුද්ධව විනය පියවර ගන්නා බව ද පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join