අත්දෙක කැපූ කඩුව සොයාගෙන..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 26, 2023 09:27 AM GMT
Report

මොරටුවේ දී පුද්ගලයෙකුගේ අත්දෙක කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද (26) පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු විසින් එම දෑත් එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි පාළමකින් මුහුදට දමා ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත.

පසුගිය 21 වැනිදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබුණේ 40 හැවිරිදි පුද්ගලයෙකුට වන අතර පහරකෑමෙන් දෑත් අහිමි වූ දෙදරු පියෙකු වන එම පුද්ගලයා මේ වනවිටත් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join