පොලිස් කොස්තාපල්වරියකට කොස්තාපල්වරයෙක් පහර දීලා - ඇයගේ ජංගම දුරකතනයත් පැහැරගෙන..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 01, 2023 03:48 AM GMT
Report

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය පොලිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොස්තාල්වරයා ඉකුත් 25 වනදා රාත්‍රියේ රාජකාරියට වාර්තා කර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී කිසිවකුටත් නොදන්වා කඩවත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් බැලීමට ගොස් ඇත.

එහිදී සංගීත ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් නිල ඇඳුමෙන් සිටි බියගම පොලීසියේ ආධුනික කොස්තාපල්වරිය සමග ඔහු බහින්බස් වී ඇත.

පසුව ඇයට අතින් පයින් පහරදී තුවාල සිදුකර ඇයගේ ජංගම දුරකතනය ද පැහැරගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරිය කළ පැමිණිල්ලකට අනුව කැලණිය පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශනයක් සිදුකර ඇත.

ඒ අනුව කොස්තාපල්වරයාව පෙරේදා (27) අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join