22 හැවිරිදි ඇමරිකානූ කාන්තාවකට මෙරට සම්භාහන මධ්‍යස්ථානයක සේවකයෙකු බරපතලව ලිංගික අතවර කරලා.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 17, 2023 05:58 AM GMT
Report

හික්කඩුවේ සම්බාහන ආයතනයක සේවකයකු විසින් තමාගේ 22 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අතවරයක් කර ඇති බවට ඇමරිකානු පුද්ගලයකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇමරිකාවේ සිට විද්‍යුත් තැපෑල මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත  මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එලෙස අතවරයට පත් තරුණිය තම මවුපියන් සමඟ පසුගිය දෙසැම්බර් මාසයේ සංචාරයක් සඳහා ලංකාවට පැමිණ හික්කඩුවේ හෝටලයක නතර ව සිටි ඇත.

පසු ඇය දෙසැම්බර් 26 වැනි දින තම මව සමඟ හික්කඩුවේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර එහි දී ඇය සම්බාහනය කළ පුද්ගලයා විසින් ඇයට බරපතළ ලිංගික අතවරයක් සිදු කර ඇති බව පැමිණිල්ලේ ඇත්තේ.

නැවත ඇමරිකාවට පැමිණි අවස්ථාවේ සම්බාහන මධ්‍යස්ථානයේ දී තමාට ලිංගික අතවර කළ බවට දියණිය පැවසු බවත් ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් ඇයගේ පියා විසින් විද්‍යුත් තැපෑලෙන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලයය හා ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශයට වැඩිදුර විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join