අද සිට රට පුරා ක්‍රියාත්මක කරන්න යන දේ මෙන්න..

Sri Lanka Police Sri Lanka
By Aruna Nov 24, 2022 01:59 AM GMT
Report

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගන්නා හෝ ජාවාරමේ නිරත වන පුද්ගලයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය හැකි පරිදි සංශෝධනයට ලක් කෙරුණු විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පනත් කෙටුම්පත මේ වනවිට බලාත්මක කර තිබෙනවා.

ඒ අනුව අද සිට නව නීතිය යටතේ සැකකරුවන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.

පසුගිය ඔක්තෝම්බර් මස 19 වැනි දා විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඊට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ සහතිකය සටහන් කිරීමත් සමඟ එය බලාත්මක වූ අතර, මත්ද්‍රව්‍ය ගෙන්වීම, ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් කාලීන ව ඇති වන අවශ්‍යතාවයන් මත නීති ශක්තිමත් කිරීම සඳහා මෙම පනත සංශෝධනය කර තිබෙනවා.

මේ අතර, කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ, ලබාගත් අසම්පූර්ණ වාර්තාවලට අනුව මෙරට ලක්ෂ පහකට ආසන්න කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට අනාවරණ වී ඇති බව යි.

එසේම අයිස් මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත ව ඇති බවද ඔහු එහිදී කියා සිටියා.

මේ අතර, මේ වසරේ ජනවාරි පළමු වනදා සිට මේ මාසයේ මුල් සතිය වනවිට සිදු කළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 103කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි දී පුද්ගලයින් 7,536ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන මගින් සිදු කළ වැටලීම්වල දී ඉන් වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබීම යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now