කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී සිදු කළ මංකොල්ලය..
Sri Lanka Police
Sri Lanka
By krishani
පිළියන්දල - හල්පිට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී මරණ තර්ජන සිදුකර ලක්ෂ 25කට ආසන්න රන්භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
පස්දෙනෙකුගෙන් යුත් එම කල්ලියේ හිටපු හමුදා සෙබළෙක් හා මිරිස්වත්තේ කුඩු බුවා නැමැත්තා ද වන බව කැස්බෑව පොලීසිය පවසයි.
පසුගිය මස 16 වනදා රාත්‍රියේ නිවසට ඇතුළු වී ඇති සැකකරුවන් ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහ දියණියගේ බෙල්ලට උල් පිහියක් තබා මරණ තර්ජන සිදුකර ඇත.
කොල්ලකෑ රන්භාණ්ඩ අලුත්ගම හා මහරගම ප්‍රදේශයන්ට උකස්කර තිබිය දී සැකකරුවන්ගේ ප්‍රකාශ මත පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |