පොලිසියෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..

Police spokesman Sri Lanka Police Sri Lanka
By krishani Jul 31, 2022 09:33 AM GMT
Report

ඉන්ධන අර්බුදයත් සමඟ මේ දිනවල පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව ගැවසෙන ගැට කපන්නන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

ඒ පොදු ප්‍රවාහනයේ එනම් දැඩි සෙනඟක් දුම්රියේ, බස් රථවල ආදියෙහි සහ පොදු ස්ථානවල ගැවසෙන අතර, නාඳුනන හා ගැට කප්පන්න ගැන අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

මගියෙකු ලෙස ප්‍රවාහනයේ යෙදීමේදී තම තමන්ගේ වටිනා බඩු භාණ්ඩ හා මුදල් පසුම්බිය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join