09 වන විධායක ජනපති ඩලස් අලහප්පෙරුම?..ඒ මහින්ද ගෙන් පසුවයි..

Dullas Alahapperuma Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena Sri Lanka
By Aruna Jul 11, 2022 01:31 AM GMT
Report

රට අරාජික තත්ත්වයෙන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතුව ඇති බවත් එහිදී පළමුව නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතු බවත් ඊට ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ස්වාධීන පක්ෂ එකමුතුවේ පක්ෂ නායක හමුවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“මේ තිබෙන වාතාවරණය යටතේ රට නැවත පාලිත තත්ත්වයකට ගන්න, අරාජික තත්වයෙන් නිදහස් කරගන්න කඩිනම් පියවර ගත යුතුයි, කියලයි අපි ස්වාධීන පක්ෂ එකමුතුව ලෙස තීරණය කළේ.

ඒ සඳහා වහාම ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුව තිබෙනවා.

එම කටයුත්ත සඳහා ඉඩ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුව තිබෙනවා.

තාවකාලික වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා කටයුතු කරන අතරතුර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකතු වෙලා නිශ්චිත වැඩපිළිවෙළක් සකසා එය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික එකඟතා පාලනයක් පිහිටුවිය යුතුයි, යන කඩිනම් පියවර ගත යුතුයි කියන එකයි අපේ මතය.

ඉදිරියේදී අපි මේ පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවලින් ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා වී තිබෙනවා.

ඒ නිසා අපි ඒ පිළිබඳවත් සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ජාතික එකඟතා පාලනය පිහිටුවීමට හැකියාව ඇත්තේ කාටද, ඒ කෙනාට අවශ්‍ය දායකත්වය ලබාදීමට අප සූදානම්”

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා තනතුරුවලින් ඉවත් වීමෙන් පසු කථානායක මහින්ද යාපා මහතා වැඩබලන ජනාධි ලෙස කටයුතු කරනු ඇති.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ) මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now