ඉදිරි වසර 03 ලංකාවට කරන්න යන දේ මෙන්න..මුලු රටටම සුබ ආරංචියක්..

Sri Lanka Political Jonstan franandu Rda
By Aruna Dec 30, 2021 06:29 AM GMT
Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණු ම කාලපරිඡේදය ඉදිරි වසර තුන උදා කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි (ඒ 005) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රුපියල් මිලියන 7,200ක් වැයකර සංවර්ධනය කළ, බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මී. 86.7ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

ඔහු පැවසුවේ, "සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට.

අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙනකොට බොරු වෙලා තියෙනවා.

බොරුවක් වත් කියාගන්න බැරි විදියට විපක්ෂය අසරණ වෙලා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා.

අපි මේ රට හදනවා, මේ රට දියුණු කරනවා, මේ රටේ ආරක්ෂාව අතිවිශිෂ්ට ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තහවුරු කරලා තියෙනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ රජය මේ රටේ ජීවත් වන සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ බර්ගර් වැනි හැම ජන කොටසකගේ ම ආරක්ෂාව තහවුරු කර දීලා තියෙනවා.

අපි කිසි ම විටකින් මේ රට අනාරක්ෂිත රටක් බවට පරිවර්තනය කරන්න ඉඩ තියන්නේ නැහැ.

සියලු ම ජාතීන් එකට ජීවත් වෙන්න පුළුවන් විදියට මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණු ම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා ” යනුවෙනු යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now