රනිල් ජනපති ලෙස අද දිවුරුම් දෙයි.?!!තවත් නම් 03ක් යෝජනා කෙරේ..අනුර හැලෙයි..

Gotabaya Rajapaksa Ranil Wickremesinghe President of Sri lanka
By Aruna Jul 13, 2022 01:02 AM GMT
Report

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඇසළ පෝදා (13දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.

මේ අනුව වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව ද වාර්තා වේ.

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ජුලි 20 වනදා සිදු කිරීමට නියමිතයි.

ඒ සඳහා දැනට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන අයගේ නම් යෝජනා වී ඇති අතර ඔවුන්ගෙන් අයෙකු මීළඟ ජනාධිපතිවරයා වශයෙන් එදින පත්වෙනු ඇති.

මෙවැනි තත්ත්වයක් තුළ මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධුර කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වූ ප්‍රථම සහ එකම ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස ගතවනු ඇත.

ජනාධිපතිවරයා අද ඉල්ලා අස්වෙන බව තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 09 වැනිදා සවස ප්‍රකාශ කළේය.

2019 නොවැම්බර් 16 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ඡන්ද හැටනමලක්ෂ විසිහතර දහස් දෙසීය පනස් පහක් (6,924,225) සහ සියයට 52.25ක ප්‍රතිශතයක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.

2019 නොවැම්බර් 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහාසෑය පරිශ්‍රයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඒ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now