මිලියන 67කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමු වෙයි..

Sri Lanka Sri Lanka Navy
By krishani Apr 03, 2023 04:11 AM GMT
Report

තලෛයිමන්නාරම - වැලිපර මුහුදේ දී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදි පාවෙමින් තිබූ උරයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් සොයාගෙන ඇත.

ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි.

අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බව නාවික හමුදාව සඳහන් කළේ ය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join