නාවික හමුදාවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..
නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්න ලෙස නාවික හමුදාව ජනතාවට දැනුම් දෙයි.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමක දී එලෙස මිනිස් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුන අතර ඔවුන් විසි දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් ලබා ගෙන ඇත.
ඔවුන් හලාවත සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පසුගිය කාලය තුළ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ කණ්ඩායම් කිහිපයක්ම ආරක්ෂක අංශ භාරයට ගැනුණ අතර එලෙස සංක්‍රමණය වීමට ගිය ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසක් වියට්නාම මුහුදේ අතරමංව සිටියදී නොවැම්බර් මාසයේ මුදා ගැණින.
ඉන් එකසිය පනස් දෙදෙනෙකු දෙසැම්බර් 27 වනදා යළි ශ්‍රී ලංකාවට පැමිණියේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ මැදිහත්වීම මතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |