ණය සම්බන්ධව ජනපතිගෙන් ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Sri Lanka
By Aruna Mar 16, 2023 02:50 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිඳභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණයහිමියන්ට ප්‍රකාශ කර තිබෙනවා.

විවෘත ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එසේම ද්වීපාර්ශවික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාධනීයව කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දිරිමත් කර තිබේ.

මේ අතර ද්විපාර්ශවික ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සියලු පාර්ශව සමග සාධාරණ පොදු එකඟතාවයන් අනුව කටයුතු කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ ලබන 20 වන දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වූ පසු බලාපොරොත්තු වන ඉලක්කය වෙත යාම සඳහා ඔවුන්ගේ එකඟතාවය ලබාගත හැකි බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද්වීපාර්ශවික ණයහිමියන් සඳහා නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එම අදහස් පළ කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.