ලංකාවට ප්‍රමුඛත්වය..! ජපානය දැනුම්දෙයි..
                                    
                    Sri Lanka
                
                                                
                    Japan Sri Lanka Relationship
                
                                                
                    Japan
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍ය මසාටෝ කනිඩා මහතා පවසයි.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මැදි ආදායම්ලාභී රටවල ණය අර්බුදයට ජාත්‍යන්තර විසඳුමක් හිමිවිය යුතු බවය.
එවැනි ක්‍රියාමාර්ග සඳහා පැරිස් සමාජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ ජපානය සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කර තිබේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    