රජයේ රෝහල් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Bandula Gunawardane Sri Lanka Politician Sri Lanka
By Aruna May 09, 2023 04:46 AM GMT
Report

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now