සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක්..
අනුමත සීමාව ඉක්මවා වියදම් කරනු ලබන මුදල් නිරවුල් කිරීමට නොහැකි වූ විට භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබෙන බවට නිදහසට කරුණු ඉදිරිපත් නොකිරීමට වග බලා ගත යුතු බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
වියදම් පාලනය කිරීම මූලික අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බැවින් නිශ්චිතව හඳුනා ගන්නා ලද අරමුණු වෙනුවෙන් පමණක් මුදල් වියදම් කරන බව තහවුරු කරගත යුතු බවද චක්‍රලේඛයක් මගින් ඔහු උපදෙස් ලබා දී ඇත.
2022 වර්ෂය සඳහා වන අයවැය ක්‍රියාත්මක කිරීමේදී කාර්තුමය පදනමින් මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති නිසා සෑම රාජ්‍ය ආයතනයක්ම සිය වියදම් එසේ සැලසුම් කර ගැනීමට කටයුතු කළ යුතු බව ද එහි සඳහන්ය.
දැනට කරගෙන යන වැඩ වලට අදාලව වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාවන් තුළ වැඩ නිම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර නව වැඩසටහන් හෝ නව ව්‍යාපාර සඳහා ප්‍රතිපාදන නොලැබෙන බවද ඉන් දැනුවත් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |