ලබන මාසෙ ලංකාවේ ලක්ෂ ගාණකට වෙන්න යන දෙයක් ගැන අනතුරු ඇඟවීමක්.

Colombo Sri Lanka
By Aruna Jul 29, 2022 03:13 AM GMT
Report

තෙල් අර්බුදයෙන් ඇඟලුම් කම්හල්වලට දැඩි බලපෑම් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට නිදහස් වෙළෙඳ කලාපවල සේවකයන්ගේ පැමිණීම සියයට තිහකින් පමණ අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.

මේ හේතුවෙන් නියමිත දිනට ජාත්‍යන්තර ඇඟලුම් ඇණවුම් ලබාදීමට නොහැකිවී ඇති බවත් ඒ නිසා කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය සියයට විස්සකින් පමණ අඩු වී ඇති බවත් හෙතෙම කීවේය.

මෙවන් තත්ත්වයක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම්හල් කිහිපයක් සේවක වැටුප් ගෙවීමට නොහැකිව මේ වන විට වැසී ගොස් ඇති අතර, හැකි ඉක්මනින් වෙළෙඳ කලාප තුළ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් අගෝස්තු මාසය අවසානය වන විට ඇණවුම් නොලැබී යාම හේතුවෙන් ඇඟලුම්හල් රැසක් වැසීයාමේ පවතින බවද ඒ මහතා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසූයේ, මෙම තත්ත්වය මත ඇඟලුම් කර්මාන්තය බිඳ වැටුණහොත් එහි සෘජු රැකියාවල නිරතවී සිටින ශ්‍රමිකයන් තුන්ලක්ෂ පනස් දහසක් සහ වක්‍ර රැකියාවල නිරත වී සිටින මිලියනයකට අධික පිරිසකට තම අදායම් අහිමි වීමේ අවදානමක් පවතින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now