මෙරට ඉන්ධන හිගයට වගකිව යුත්තා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..

Sri Lanka Fuel Crisis
By Aruna Aug 12, 2022 05:37 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයක් නිර්මාණය විට ප්‍රධානම වගකිය යුත්තා වන්නේ හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ යැයි එවකට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ නිසා ජනතාව ඉන්ධන වැඩි වශයෙන් එක් රැස් කර ගැනීමට පෙළඹීම මත ඉන්ධන හිඟයක් ඇතිවූ බවයි.

නමුත් වත්මන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන අර්බුදය විසදීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව ද ඔහු පැවසීය.

රටේ සම්පත් නොමැති අවස්ථාවක කංචන විජේසේකර මහතා සම්පත් කළමනාකරණය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අගය කළ යුතු බවද මහ ලේකම්වරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now