ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka
By Aruna Oct 17, 2024 05:09 AM GMT
Report

ලෙබනනය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වයත් සමග ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අදාළ රටවල දූත මණ්ඩල හරහා ලාංකිකයින්ට අවශ්‍ය උපදෙස් නිතිපතා ලබාදෙන බවයි, නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ.

අද පොහොය දවසෙ කාලගුණය කොහොමද කියල දැනගෙනම එළියට යන්න..

අද පොහොය දවසෙ කාලගුණය කොහොමද කියල දැනගෙනම එළියට යන්න..


එම උපදෙස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය මැදපෙරදිග සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මැදපෙරදිග කලාපයේ සිටින ලාංකිකයින්ගේ ඥාතීන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී තොරතුරු ලබාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ වීමට හැකියාව පවතී.

ඒ අනුව 0112 33 88 12 සහ 0117 71 11 94 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු ලබාගත හැකි වනවා.