20-20 කාන්තා ලෝක කුසලානයේ තවත් ජයක් - ප්‍රසාද ලකුණු සටහනෙත් ලංකාව පෙරමුණේ.

Cricket Sri Lanka Cricket
By krishani Feb 13, 2023 03:12 AM GMT
Report

ඊයේ (12) පැවති, පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවැනි තරගයෙන් ද කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ බංග්ලාදේශය සමගින් සත්කාරක දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී ය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 126ක් වේ.

මෙම තරග ජයත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20-20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වේ.

ඒ පැවති තරග දෙකම ජය ගනිමින් වන අතර තවත් එක් තරගයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය ගතහොත් ඔවුන් මෙවර 20-20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join