ශ්‍රී ලංකා රජය සහ ජපානය අතර විශේෂ ගිවිසුමක්..!
ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය අතර අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
අදාළ ගිවිසුම, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙනි.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බව වාර්තා වනවා.
එනම් මෙම අත්සන් තැබූ, ගිවිසුමට අනුව රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවා ගැනීම් සඳහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙයි.
ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ද කටයුතු කරනු ලබයි.
මෙම අවබෝධතා ගිවිසුම අනුව ජපන් ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම සඳහා පැසෝනා සමූහය විසින් ආයෝජන සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට ද නියමිතය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |