ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Bandula Gunawardane Sri Lanka India
By Aruna Aug 16, 2022 05:17 AM GMT
Report

2022 අගෝස්තු මස 15 වැනි දිනට යෙදුණු ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන තේමාව පදනම් කරගෙන ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඒකාබද්ධව මුද්දරයක් නිකුත් කිරීමට යෝජනා වී තිබෙනවා.

දෙරටෙහි තැපැල් දෙපාර්තමේන්තුවල මූලිකත්වයෙනුයි මෙම මුද්දරය නිකුත් කිරීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පාර්ලිමේන්තු පිළිබිඹු වන අයුරින් මෙම මුද්දරය මුද්‍රණය කිරීමට නියමිතයි.

මේ අතර, ඊට සමගාමීව දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමක් ද අස්සන් කෙරෙනු ඇති.

මෙම වැඩපිළිවෙළ සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now