ශ්‍රී ලංකාව ගැන ඇමරිකාවේදී අද විශේෂ ප්‍රකාශයක්..

American Express Sri Lanka
By Aruna Apr 12, 2023 11:38 PM GMT
Report

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල අද (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වාර්තා වන්නේ.

ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මීට පෙර සිටම තීරණය කර තිබුණා.

ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now