ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවෙන් සුබ ආරංචියක්..හදිසියේම ලැබුණ දේ මෙන්න..

American Express Sri Lanka
By Aruna Jan 06, 2023 01:36 AM GMT
Report

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමග එක්ව, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් සඳහා ස්ථිර රැකියා ඇණවුමක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

තානාපති මහින්ද සමරසිංහ මහතා ෆ්ලොරිඩාහි කර්ම සර්විසස් එල්එල්සී ආයතනය සමග සම්බන්ධවී, එම ආයතනය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර ගිවිසුමක් ඇතිකර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, ලියාපදිංචි හෙදියන් 250 දෙනකු සහ රසායනාගාර කාර්මික ශිල්පීන් 100ක් සහ හෙද සහායකයන් 200දෙනකු සඳහා එක්සත් ජනපදයේ රැකියා ලබාගැනීමේ අවස්ථාව සැලසී ඇත.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක් වන අතර එමගින් දේශීය වශයෙන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමග සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තවදුරටත් රැකියා අවස්ථා පුළුල් කරගැනීමේ සාකච්ඡාවල නිරත වී සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now