ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්.

SriLankan Airlines Sri Lanka
By krishani May 05, 2023 11:09 PM GMT
Report

පෙරේදා (04), මෙල්බන් සිට කොළඹ බලා පියාසර කළ UL 605 දරන ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වූයේ කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අයහපත් කාලගුණ තත්වය මත බව ශ්‍රී ලංකා ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ය.

එම යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණේ පෙරේදා රාත්‍රී 10.30 පමණ වන අතර අවස්ථා කිහිපයකදීම යානය ගොඩබෑමට උත්සාහ කළ ද කාලගුණ තත්ත්වය අයහපත් බැවින් එය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යොමු කිරීමට ගුවන් ගමන් පාලකවරුන්ට සිදු විය.

ඒ අනුව ගුවන් යානය රාත්‍රී 11.30ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යානය ගොඩ බස්වා ඇති අතර මෙම ගුවන් යානයේ මගීන් 194 දෙනෙක් බිළිඳු දරුවන් 3 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 15 දෙනෙක් ගමන් කර ඇත.

මේ අතර, සිවිල් ගුවන් සේවා නීති රීති අනුව එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තම රාජකාරී කාල සීමාවන් සම්පූර්ණ කර තිබූ බැවින් ගුවන් යානය තවදුරටත් මත්තල ගුවන් තොටුපලේ නවතා තැබීමට සිදු වී තිබෙනවා.

මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වීම හේතුවෙන් මගීන්ට ඇති වූ අපහසුතාව පිළිබඳව කනගාටුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කර සිටිනවා.

මේ අතරින් ශ්‍රී ලංකාව වෙත පැමිණි මගීන්ට මත්තල සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලද අතර, වෙනත් රටවල් වෙත ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට, ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පිටත්ව යන තෙක් මත්තල අවට හෝටල්වල නවාතැන් පහසුකම් සලසා දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

වෙනත් රටවල් බලා පිටත් වීමට නියමිත ගුවන් මගීන්ට එම පහසුකම් සැලසීම සදහා සමාගම මේ වනවිට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join