ලබන සිකුරාදා ශ්‍රී ලංකාවට තීරණාත්මක දිනයක්..හේතුව මෙන්න..
Sri Lanka
India
By Aruna
එළෙඹෙන සිකුරාදා (17) චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ තවත් රටවල් හතක කණ්ඩායමක් නව ස්වෛරී ණය පිළිබඳ වර්චුවල් (අතත්‍ය) රැස්වීමකට සහභාගී වීමට සූදානමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එම කණ්ඩායම තුළ ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඝානාව වැනි රටවල නිලධාරීන් ද ඇතුලත් වන අතර එහි දී G20 රාමුව යටතේ ණය ප්‍රතිකාර ඉල්ලා තිබෙන බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.
රොයිටර්ස් පුවත් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම රැස්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ඉන්දියාව විසින් සම සභාපතිත්වය දරනු ඇති බවයි.
ඉන්දියාව G 20 කණ්ඩායමේ වත්මන් නායකයා වන අතර, G20 මූල්‍ය නිලධාරීන් මේ මස 23 සිට 25 දක්වා ඉන්දියාවේ බෙංගලෝරු හි දී රැස් වීමට සූදානමින් සිටින අතර ඊට සතියකට පෙරයි මෙම හමුව පැවැත් වීමට සැරසුම් කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |