රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Government Of Sri Lanka
By krishani May 12, 2023 10:56 PM GMT
Report

රාජ්‍ය සේවකයින් කොරෝනා මාර්ගෝපදේශ අනුව සේවයට කැඳ වූ චක්‍රලේඛය මැයි 15 සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ඒ අනුව මැයි 15 සිට ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතය පෙර පරිදි ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

එම විධිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බව එම නිවේදනයේ දැක් වේ.

එමෙන්ම කොරෝනා මාර්ගෝපදේශ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2021.10.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2021(V)හි 07 ඡේදයේ විධිවිධාන 2023.05.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ඒ අනුව 2009.04.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009 හා 2009.06.17 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2009(T)හි විධිවිධාන මැයි 15 සිට ක්‍රියාත්මක විය යුතු ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join