කතානායක හා විදෙස් තානාපතිවරුන් අතර හදිසියේම විශේෂ හමුවක්
මෙරට විදෙස් තානාපතිවරු සහ මහා කොමසාරිස්වරු කිහිපදෙනෙක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව හමුවී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති එම රැස්වීමට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් මිචෙල් ඇප්ලේටන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහා කොමසාරිස් ඩේවිඩ් මැකින්නන් යන පිරිස් සහභාගී වී ඇත.
මෙම රැස්වීමේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගනිමින් ආසියාවේ පැරණිම රටක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව කථානායකවරයා සඳහන් කර තිබේ.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දූත පිරිස දැනුවත් කර ඇත. මෙහිදී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගන්නා ලද පියවරයන් පිළිබඳව දූතපිරිස සිය ප්‍රශංසාව පළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |