කතුන් ගෙන් පිරිමි සැප ගැනීම තහනම් කරයි..අලුතින්ම ගත් තීරණය මෙන්න.

Sri Lanka
By Aruna Jan 16, 2023 03:24 AM GMT
Report

පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත විය හැකි අන්දමින් නීති සම්පාදනය වන බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒඩ්ස් ඇතුළු ලිංගිකාශ්‍රිත රෝග බහුල වශයෙන් සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්තවීම නිසා මෙලෙස නීති සම්පාදනය වන බව කොමසාරිස්වරයා පවසයි.

සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයකුද අනිවාර්ය විය යුතුය.

එසේම සම්බාහන කටයුතුවල නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීයමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now