මෙරට දී කාණුවකට වැටී විදේශිකයෙකු ජීවිතක්ෂයට..!

By Sewvandhi Apr 21, 2023 10:08 AM GMT
Report

ස්පාඤ්ඤ ජාතිකයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අහංගම තැපැල් කාර්යාලය අසළදී කොන්ක්‍රීට් කාණුවකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවටයි.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් අහංගම සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී මෙම විදේශිකයා අනතුරට ලක්ව ඇති අතර, පසුව ඔහු හබරාදූව කළුගල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

31 හැවිරිදි මෙම ස්පාඤ්ඤ ජාතිකයා මීට මාස එකහමාරකට පමණ කාලයක සිට අහංගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවටයි පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණ වී ඇත්තේ


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now