අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By Aruna Mar 30, 2023 06:34 AM GMT
Report

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවා අප්‍රේල් 08 වැනිදා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට එම විශේෂ බස්රථ සේවා දිවා සහ රාත්‍රී කාලසටහන් අනුව ධාවනය කරවීමට නියමිත බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

ඒ අනුව කිසිඳු තදබදයකින් සහ අපහසුතාවයකින් තොරව මගීන්ට තම ගමන් පහසුකම් සලසාගත හැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now