අලුත් අවුරුද්දට කලින් අවිවාර්යයෙන්ම කළ යුතු දෙයක් ගැන විශේෂ දැනුම් දීමක්..
කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මූලික එන්නත් මාත්‍රා දෙක ගත් බහුතරයකගේ එන්නතෙහි මාස 06ක වලංගු කාලය ඉකුත් වෙමින් තිබෙන බැවින් කඩිනමින් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අවුරුදු 20ට වැඩි බහුතරයකගේ මාස හයක කාල සීමාව ඉක්මවා යමින් තිබෙන බැවින් බූස්ටර් මාත්‍රාව නොගතහොත් දැඩි අවදානමකට මුහුණ දීමට වනු ඇති බවයි වෛද්‍යවරයා කියා සිටියේ.
පෙරේදා (16) දිනයේදී එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වූයේ වසරකට පමණ පසුව බවත්, ඊට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමද අඩු වී ඇති බවත් බූස්ටර් මාත්‍රාව නොගතහොත් මේ තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යෑම අසීරු වනු ඇති බවත් සඳහන් කළා.
මේ වන විටත් අවුරුදු 20ට වැඩි, මූලික එන්නත් මාත්‍රා දෙකම ගෙන ඇති පිරිසෙන් බූස්ටර් මාත්‍රාව ගෙන තිබෙන්නේ සියයට 52ක් පමණයි.
මූලික එන්නත් මාත්‍රා දෙක ගෙන සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් තවමත් බූස්ටර් එන්නත ගෙන තිබෙන්නේ සියයට 60ක ප්‍රමාණයක් බව ද ඒ මහතා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් මූලික එන්නත් මාත්‍රා දෙක සහ බූස්ටර් එන්නත ගනිමින් සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම තවදුරටත් කළ යුතු බවත් මේ සාධනීය තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් බූස්ටර් මාත්‍රාව නොගත් පිරිස් කඩිනමින් එය ගැනීමට කටයුතු කළ යුතු බවයි වෛද්‍යවරයා පැවසුවේ.
එසේ නොවුණහොත් එළැඹෙන උත්සව සමයේදී යළි කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම සහ ඊට සාපේක්ෂව මරණ වාර්තා වීම ද ඉහළ යනු ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |