පුරුෂයින්ට පහස දුන් තරුණියන් 09ක් මාට්ටු වෙයි..රට වටේම තරුණියන්..
Sri Lanka Police
Colombo
Sri Lanka
By Aruna
කාන්තාවක් විසින් තවත් කාන්තාවන් නව(09) දෙනකු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසනවා.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබී ඇති අතර පොලිසියට ලද තොරතුරක් මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් උපාය දූතයෙකු කාන්තාවක් මුදලට මිලදී ගැනීමේ මුවාවෙන් යොදවා වැටලීම සිදුකර ඇතැයි සැලකේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20 සහ 43 අතර පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට පත්වූවන් මිද්දෙණිය, කහටගස් තැන්න, ගංකන්ද, මැදවච්චිය, බුත්තල, මොරටුව, පොතුවිල්, රක්වාන, රත්මලාන හා වාද්දුව පදිංචිකාරිනියන්වේ.
සැකකාරියන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |