කොරියන් යන අයගේ සිහිනයට අලුත් බලාපොරොත්තුවක්..

Sri Lanka South Korea
By Aruna Mar 06, 2023 05:22 AM GMT
Report

දකුණු කොරියාවේ අනුග්‍රහය යටතේ තරුණ ප්‍රජාවගේ කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යයන ආයතනයක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර, එම අවස්ථාවට දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය විජිතවංශ හිමියන්, දකුණු කොරියාවේ ෆෙලික්ස් ටෙක් ආයතනයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණා.

එම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ ඉදිරියේ දී යෝජනාවලියක් ලෙස විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වෙත ලබාදීමටයි නියමිතව ඇත්තේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now