දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් වෙඩි ප්‍රහාර..

By Sithumi Dec 26, 2022 05:32 PM GMT
Report

 උතුරු කොරියාවට අයත් ඩ්‍රෝන යානා කිහිපයක් සිය ගුවන් සීමා උල්ලංඝනය කරමින් පියාසර කළ බවට දකුණු කොරියාව චෝදනා කළා. ඒ අනුව එම ඩ්‍රෝන යානා බිම හෙළීමට දකුණු කොරියාව සිය ප්‍රහාරක ගුවන් යානා යොදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

  වසර ගණනාවකට පසුව උතුරු කොරියාවට අයත් ඩ්‍රෝන යානා එලෙස දකුණු කොරියාවේ ගුවන් සීමාව උල්ලංඝනය කළ පළමු අවස්ථාව මෙය වන අතර අදාල සිද්ධිය පැහැදිලි ලෙස උතුරු කොරියාවේ ආක්‍රමණශීලී ක්‍රියා පිළිවෙතක් බවයි දකුණු කොරියාව චෝදනා කරන්නේ.  

සැකකටයුතු ඩ්‍රෝන යානා සැරිසැරීම හමුවේ දකුණු කොරියාවේ ප්‍රහාරක ජෙට් යානා වලට අමතරව ප්‍රහාරක හෙලිකොප්ටර් යානාද ගුවන් ගත කර තිබුණා. එම යානා මඟින් දකුණු කොරියානු ගුවන් සීමාවට ඇතුළු නොවන ලෙසට අනතුරු අගවමින් එම ඩ්‍රෝන යානා වෙත අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබෙනවා.

 උතුරු කොරියාව් සැකකටයුතු ඩ්‍රෝන යානයක් දකුණු කොරියාවේ සෝල් අගනුවට ආසන්න ගුවන් සීමාව දක්වාම පැමිණ ඇති බවයි ඇතැම් විදෙස් මාද්‍ය වාර්තා කළේ.  

කෙසේ වෙතත් අදාළ මෙහෙයුම හමුවේ දකුණු කොරියාවේ එක් සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් සිය වෙඩි ප්‍රහාර හමුවේ උතුරු කොරියාව සැකකටයුතු ඩ්‍රෝන යානා බිම හෙලුවේද, නැතහොත් ඒවා උතුරු කොරියානු ගුවන් සීමාව වෙත යළි පියාසර කළේද යන්න  දකුණු කොරියානු ආරක්ෂක අංශ මෙතෙක් තහවුරු කර නැහැ.